අලුත්ගම ධම්මානන්ද නායක හිමි අපවත්වෙති
- 2018-10-02 10:19:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍යාමෝපාලී මහා නිකායේ, මල්වතු පාර්ශ්යේ ජ්‍යෙෂ්ඨ කාරක සභික අති පූජ්‍ය මහෝපාද්‍ය අලුත්ගම ධම්මානන්ද හිමියෝ අපවත්වෙති. උන්වහන්සේ අවුරුදු 103ක් ආයු වළදා මෙසේ අපවත්වූහ.
1915 /11/22 දා නුවර අලුත්ගමගේදී උපතලද උන්වහන්සේ අතිපූජ්‍ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල මහ නායක හිමිපාණන්වහසේ යටතේ පැවැදි දිවියට පිවිසුනාහ.
උනවහන්සේ මල්වත්ත මහා විහාරයට 1944 වසරේදී කඨින චීවර පූජාව හඳුන්වාදීමට කටයුතු කළහ.
1950 වසරේදී නුවර ධර්මරාජ විදුහලේ ගුරුවෘත්තීයට උන්වහන්සේ සම්බන්ධ වූයේ කිසිම අයකිරීමකින් තොරවය. උන්වහන්සේ අනුශාසකත්වය දරණ අවිහිම්ස සමිතය හරහා මරණයට කැපවූ ගවයන් 6000ක් පමණ බේරාගෙන ඇති අතර ධර්මප්‍රචාරය වෙනුවෙන් එංගලන්තය, ජපානය, සිංගප්පූරුව, මලයාසියාව, මියන්මාරය, තායිලන්තය, ඉන්දියාව වැනි රටවල සංචාරය කර තිබේ.
නුවර වික්ටෝරියා මාවත ශ්‍රී සංඝරාජ මාවත ලෙසත්, ග්ලේන් ඩේල් පාර සරණංකර මාවත ලෙස නම් කිරීමටත් පෙරමුණ ගත් උන්වහන්සේ 1990 වසරේදී මල්වතු මහා විහාරයේ මහෝපාධ්‍ය ධුරයෙන් පිදුම් ලැබූහ.
1990දී දළදා මාළිගාවේ තේවාව භාරව උන්වහන්සේ කටයුතු කළ අතර 1989 වසරේදී මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභාව සභාවට පත්වූහ.
සංඝරාජ නාහිමිපාණන්ගේ 200 වැනි ගුණඅනුස්මරණය වෙනුවෙන් සමරු මුද්දරයක් හා මල්වතු මහා විහාරයේ උපසම්පදාවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමටත් උන්වහන්සේ පෙරමුණ ගත්හ.
Reply To:
Name - Reply Comment
0 Comments