කැස්බැවන් වඳවී යාමේ අවදානමක් ආචර්යය ලලිත් ඒකනායක

2025 මැයි මස 17 පෙ.ව. 04:43 - {{hitsCtrl.values.hits}}  

ලොව මුහුදු කැස්බැවන් වර්ග 7 ක් පමණ සිටින බවත් එයින් 5 ක්ම ශ්‍රි ලංකාව අවට වෙරළබඩ ප්‍රදේශ වලට පැමිණ ජීවත්වන බවත් මුහුදු කැස්බෑවන්ගේ බිත්තර ආහාරයට ගැනීමත් ධිවරයන්ගේ දැල්වල පැට‍ලි එන කැස්බෑවුන් මරා  මස් ආහාරයට ගැනීමට මිනිසුන් පෙළඹීමත් නිසා මුහුදු කැස්බැවන් වඳවී යාමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකාවේ ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචර්යය ලලිත් ඒකනායක මහතා  පවසයි.

10-Loggerhead-turtle-Caretta-caretta-Olugedi-Kasbawaඑංගලන්තයේ රුෆර්ඩ් ආයතනය සහ ශ්‍රි ලංකා ජෛව සංරක්ෂණ සංගමයේ සංවිධානයෙන් “ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු” මැයෙන් දෙස් විදෙස් විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්, පාරිසරික සංරක්ෂණ ක්ෂේත්‍ර‍යේ කටයුතු කරන ව්ද්වතුන් සහභාගීත්වයෙන් මහනුවර ඔක්රේ රිජන්සි හෝටලයේදි පැවැති සම්මන්ත්‍රනයකදි ආචර්යය ඒකනායක මහතා එසේ කීය.

මුහුදු කැස්බැවන් වද වි යැමට ප්‍රධාන හේතුවන් වන්නේ මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම හා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන්ගේ මස් ආහාරයට ගැනිම බවත් ඔහු කීය.

දකුණු මුහුදු තීරයේ ගල්කිස්ස සිට පහලට යන විට කොස්ගොඩ, තංගල්ල, රැකව, බුන්දල වගේම නැගෙනහිර වෙරලේ තැන් කිහිපයක වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් හා තවත් ආයතන කිහිපයකින් මුහුදු කැස්බැවුන් බිත්තර දමන ස්ථාන සංරක්ෂණය කළත් එසේ සංරක්ෂණය කිරිමට අපහසු තැන් වල මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම සිදුවන බවද ඔහු සඳහන් කළේය.

යුද්ධය නිම වීමත් සමගම වැඩි වශයේන් ධිවරයන් ධිවර කර්මාන්තයේ යෙදීම සුලබ වි ඇති විම නිසා මීගමුව, හලාවත, කන්දකුලිය, කල්පිටිය දක්වා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන් මරා මස් සඳහා ගන්නා බවත් මැතකදි ඒකනායක මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානයේ නිලධාරින් කළ සමික්ෂණයකදි මුහුදු කැස්බැවුන්ගේ කටු විශාල ප්‍රමාණයක් හමු වු බවද ඒ මහතා කීය.​                                                   සමුළු වාර්තාව බාගත කරගන්න  PROCEEDINGS_Lalith

Banner Dr.  Lalith - welcome address Dr. Anslem de Silva Field tourGroup photo edited Oil lamp Participants - Keynote speech Prof. Siril Wijesundara Zahirul from Bangladesh

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...