.
ගාල්ල හා ඒ අවට ප්‍රදේශයන්හි දැඩි තර්ජනයක් වී තිබෙන කිඹුලන් සඳහා බලපිටියේ උද්‍යානයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන බව හික්කඩුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු ඒ.වී.කසුන් තරංග මහතා ලංකාදීපයට පවසා සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (23) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කෘෂිකර්ම කමිටුවේ දී අදහස් දක්වමිනි. කිඹුලන්ගේ සංඛ්‍යාව වැඩිවීම නිසා ප්‍රදේශ ගණනාවක කිඹුලන් උවදුරක් බවට පත්ව ඇත. තෙත් කලාපයේ ජීවත්වන ගැට කිඹුලා ඉතාමත් දරුණු සතෙක් වන අතර. මාදුගඟ, කොග්ගල කලපුව, නිල්වලා ගඟ, පොල්අතු මෝදර ගඟ ආදී ගංඟා නිම්නයන් හි කිඹුලන් බහුලව වාර්තා වේ.
ගං වතුර තත්ත්වයත් සමඟ මොවුන් ගම් වදියි. මෙයට විකල්පයක් ලෙස බලපිටිය කරිජ්ජපිටියේ ඇති ඉඩමක් යොදාගෙන කිඹුල් උද්‍යානයක් නිර්මාණයට සැලසුම් කර තිබේ .