කොරියානු රැකියා නිපුණතා පරීක්ෂණය හෙට සිට
- 2018-05-15 15:12:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරියානු රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා 2018 වර්ෂයට අදාළව පැවැත්වුණු විභාගයෙන් සමත්වූ රැකියා අපේක්ෂිතයින් සඳහා නිපුණතා පරික්ෂණ මැයි මස 16 හා 17 යන දෙදින පැවැත්වීමට නියමිතව ඇත. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා පරික්ෂණයෙන් අපේක්ෂකයින් 546 දෙනෙකු සමත්විය. ඔවුන් සඳහා මෙම පරික්ෂණය පැවැත්වෙන අතර ඔවුන්ගේ කුසලතා පරික්ෂණ මැයි 26 දින සිට 28 දින දක්වා පැවැත්වීමට නියමිතය.
එසේම 2018 වර්ෂයට අදාළව නිශ්පාදන ක්ෂේත‍්‍රයේ ඉල්ලූම්කරුවන් සඳහා භාෂා පරික්ෂණ දිනයන් වේලාව හා මධ්‍යස්ථානය පිළිබඳව විස්තර කාර්යාංශ වෙබ් අඩවියේ පළකරනු ලැබේ. නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පරික්ෂණ මැයි මස 21 දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments