කොරෝනා හේතුවෙන් මරණ 213
- 2020-01-31 10:44:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බීජිං, (ෂින්හුවා) - නව කොරොන වෛරසය ආසාදනය වූ රෝගින් 9,692 ක් පළාත් මට්ටමේ කලාප 31 කින් වාර්තා වී ඇති බව චීනය පවසයි. බ්‍රහස්පතින්දා දිනය අවසන් විට වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 213 දක්වා වර්ධනය වී තිබේ.
ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව සිය දෛනික වාර්තාවේ සඳහන් කර ඇත්තේ රෝගීන් 1,527 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, බ්‍රහස්පතින්දා අවසානය වන විට පුද්ගලයින් 15,238 ක් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන බවත්ය.
සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 171 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් තිබේ.
බ්‍රහස්පතින්දා දිනයේදී තහවුරු කරන ලද රෝගීන් 1,982 ක්, නව සැක සහිත රෝගීන් 4,812 ක් සහ මරණ 43 ක් වාර්තා වී තිබේ. මෙම මරණවලින් හුබෙයි පළාතේ 42 ක් සහ හයිලොන්ජියැං පළාතේ එක් මරණයක් වාර්තා වී තිබේ.
බ්‍රහස්පතින්දා රෝගීන් 157 දෙනෙකු බරපතල ලෙස රෝගාතුර වූ අතර 47 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහලෙන් පිටව ගියහ.
රෝගීන් හා සමීප සම්බන්ධතා පැවැතවූ 113,579 ක් සොයාගෙන ඇති අතර, ඔවුන්ගෙන් 4,201 දෙනෙකු බ්‍රහස්පතින්දා වෛද්‍ය නිරීක්ෂණවලින් නිදහස් කර ඇති අතර තවත් 102,427 දෙනෙකු තවමත් වෛද්‍ය නිරීක්ෂණයේ යෙදී සිටින බව කොමිසම පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments