ගැබිනි ගුරුවරියන්ගේ නිර්දේශ ඇඳුමට විදුහල්පතිවරුන්ගෙන් බාධා
- 2019-01-28 16:11:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කර ඇති ඇඳුම ඇඳගෙන පාසල්වලට පැමිණීම ඇතැම් විදුහල්පතිවරුන් තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වය, සම්ප්‍රදාය සහ සංස්කෘතිය ආරක්ෂාවන පරිදි වෛද්‍යවරුන්ගේ ද නිර්දේශ මත පාසල් ගුරුවරියන් වෙනුවෙන් හඳුන්වාදෙන ලද මෙම ඇඳුමට විරුද්ධ වීම පදනම් විරහිත සහ කණගාටුදායක තත්වයක් බවත් ඒයින් ගර්භිනී ගුරුවරියන් අපහසුතාවට පත්වන කාරණයක් බවත් අමාත්‍යාංශය පවසයි.
ඒහෙයින් කිසිදු අයුරකින් හෝ මෙම ඇඳුමට විරෝධය පළකිරීමට විදුහල්පතිවරුන්ට සාධාරණ අයිතියක් නොමැති බවත් එවැනි විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 වෙත වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරියන්ගෙන් ඉල්ලා සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments