ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය 13 වැනිදා ජනාධිපති මන්දිරයේදී....
- 2017-09-11 11:37:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත කරමින් පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණ කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 13 වැනිදා පස්වරු 03.00 ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.
“පරිසරය අප රකියි - රකිමු අප පරිසරය” යන තේමාව යටතේ පරිසරයට ආදරය කරන, පරිසය රැකීමට දැනුම්වත් භාවයෙන් උරදෙන හා සමාජයට මාර්ගෝපදේශකත්වය සපයන සෑබැම පරිසර හිතකාමීයකු බිහිකිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 1984 වර්ෂයේදී කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ සිසුන් 25 දෙනෙකුගේ කුඩා කණ්ඩායමකින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. එම සමාරම්භක පියවර අදවන විට මහා වෘක්ෂය විලසින් වර්ධනය වී මෙරට පාසල් දහස් ගණනක් පුරාවට ක්‍රියාත්මක කරමින් පවතී.
7 වැනි වරට පැවැත්වෙන මෙවර පදක්කම් ප්‍රදානය සඳහා දිස්ත්‍රික්ක 09 කින් පාසල් 16 ක් නියෝජනය කරමින් පරිසර නියමුවන් 40ස් දෙනෙක් මේ සඳහා සුදුසුකම් ලබාසිටී. “ නන්නපුරාව මහා විද්‍යාලය -මොණරාගල, නුගවෙල මධ්‍ය විද්‍යාලය - නුගවෙල, දුටුගැමුණු ජාතික පාසල - මොණරාගල, උඩවෙල මධ්‍ය විද්‍යාලය - උඩවෙල, විමරත්න කුමාරගම මහා විද්‍යාලය - නාරන්පනාව, ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය - පානදුර, යශෝදරා බාලිකා විද්‍යාලය - බිබිල, වැලිමඩ මධ්‍ය විද්‍යාලය වැලිමඩ, - කිතලංගමුව නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය - කිතලංගමුව, සවුත්ලන්ඩ් විද්‍යාලය - ගාල්ල, වෙල්ලස්ස ජාතික පාසල - බිබිල, රිදිමාලියද්ද මධ්‍ය විද්‍යාලය - රිදීමාලියද්ද, සුජාතා විද්‍යාලය - මාතර, අලවාකුඹුර මහා විද්‍යාලය - අරණගංවිල, උඩබදලව සුදර්ශන මහා විද්‍යාලය - කුරුණෑගල, ශෛවප්‍රගස බාලිකා විද්‍යාලය - වවුනියාව ” වේ.
සබැඳි තොරතුරු
පරිසරය අප රකී - රකිමු පරිසරය ජාතික පරිසර නියමු කදවුර ඇරඹේ
“පරිසරය අපි රකියි-රකිමු අපි පරිසරය”
එක පැළයක් සිටවන්න - ජනපති ඉල්ලයි
Reply To:
Name - Reply Comment
0 Comments