Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසින් නිර්මාණය කරන ලද ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යාවකාශ යානය අද (19) ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ විය.  ‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව (18) පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කළේය.

ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව නිර්මාණය කර සංවර්ධනය කරන ලද්දේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න (27) සහ දුලානි චාමිකා (24) විසිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයට අයත් සිග්නස් අභ්‍යාවකාශ යානය මගින් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 400ක් දුරින් කක්ෂයේ ස්ථානයක මෙම චන්ද්‍රකාව ස්ථානගත කිරීමට නියමිතය. එම චන්ද්‍රිකාව ඊයේ (18) ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 2.16ට කක්ෂගත කෙරුණි. අභ්‍යාවකාශ යානය ගමන් කරන ලද්දේ ‘අන්තරෙස්’ රොකට්ටුව මගිනි. 

මෙම චන්ද්‍රිකාව මගින් අරමුණු පහක් ඉටු කරගැනීමට අපේක්ෂිතය. ශ්‍රී ලංකාව සහ ඒ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුලය’ නමැති මෘදුකාංගය අත්හදා බැලීම, චන්ද්‍රිකා භාවිතයේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම අත්හදා බැලීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය අධ්‍යයනය කිරීම එම අරමුණු පහය. ඉහත කී ‘ලෝරා මොඩියුල්’ නමැති මෘදුකාංගය දත්ත බාගත කිරීම (ඩවුන්ලෝඞ්) සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදාගැනීමට නියමිතය. 

ඝන සෙන්ටිමීටර් 1000 ක විශාලත්වයෙන් සහ කිලෝග්‍රෑම් 1.05 බරින් යුතු මෙම චන්ද්‍රිකාවේ ආයු කාලය අවුරුදු එකහමාරක් වුවත් අවුරුදු 5ක් දක්වා පවතිනු ඇතැයි පැවසේ.  

තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ වෙති. ඔවුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ පළමු පර්යේෂණ චන්ද්‍රිකාවයි.  ජපානයේ ක්‍යුෂු තාක්ෂණය ආයතනයේදී මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර සංවර්ධනය කරන ලදි.

තරිදු දයාරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුකරණය පිළිබඳ උපාධිය ලබාගෙන තිබෙන අතර ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කරයි. තරිඳු දයාරත්න මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සහ රඹුක්කන, පින්නවල ජාතික විද්‍යාලයේ ආදි සිසුවෙකි. තරිඳු තමන් ඉගෙන ගත් පින්නවල ජාතික විද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නම් ‘රාවණා 1’ චන්ද්‍රිකාවේ පරිපථයක සටහන් කිරීම ද විශේෂත්වයකි.  

දුලානි චාමිකා විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ඉංජිනේරුවරියක වන අතර ඇය ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරයි. ඔවුහු දෙදෙනාම මේ වනවිට පශ්චාත් උපාධිය හදාරමින් සිටිති. දුලානි චාමිකා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවියකි. 

දුලානිගේ පියා හේලීස් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපෘති කළමනාකරුවකු වන අතර ඇගේ මව ගෘහණියකි. තරිඳුගේ පියා මේ වනවිට ජීවතුන් අතර නැති අතර ඔහු රියදුරකු ලෙස කටයුතු කර ඇත. ඔහුගේ මව රසකැවිලි වෙළෙන්දියකි. 

(හර්ෂණ තුෂාර සිල්වා)

සබැඳි පුවත්
රාවණා 1 චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ගමන් අරඹයි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.