Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7%ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.

ඒ අතරින් පුරුෂ පක්ෂයේ සහ ස්ත්‍රී පක්ෂයේ ඩිජිටල් සාක්ෂරතාව පිළිවෙලින් 42.5%ක් හා 35.2%ක් වේ. නාගරික අංශයේ ඩිජිටල් සාක්ෂරතාව 54.5%ක් වන අතර ග්‍රාමීය හා වතු අංශවල පිළිවෙලින් එය 36.4%ක් හා 16.4%ක් වන බව ද එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

වයස අවුරුදු 05 හා 69 අතර පුද්ගලයින්ගේ ඇස්තමේන්තු කරන ලද පරිගණක සාක්ෂරතා අනුපාතය 2017 මුල් මාස 06 තුල 28.3% ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා විසින් පවසන ලදී. සියයට 41.1 ක වැඩිම පරිගණක සාක්ෂරතාව වාර්තා වී ඇත්තේ, නාගරික අංශයේ පදිංචි පුද්ගලයන්ගෙන් වන අතර ග්‍රාමීය හා වතු අංශවල පරිගණක සාක්ෂරතා අනුපාත පිළිවෙලින් 26.5% හා 9.5% වේ.

සියළුම වයස් කාණ්ඩ පිළිබඳ සලකා බැලීමේදී වයස අවුරුදු 15 සහ 19 අතර පුද්ගලයින්ගෙන් ඉහළම පරිගණක සාක්ෂරතා අනුපාතය වන 60.7% ක් වාර්තා වී ඇත. අධ්‍යාපන මට්ටම සලකා බැලීමේදී වැඩිම පරිගණක සාක්ෂරතා අනුපාතය වන 71.2% ක් අ.පො.ස. (උ.පෙළ) හා ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගෙන් වාර්තා වේ. ඉංග්‍රීසි දැනුම ඇති අය අතර පරිගණක සාක්ෂරතාව 71.1% වන තරම් ඉතා ඉහළ ප්‍රතිශතයක පවතින බව සමීක්ෂණයෙන් තවදුරටත් අනාවරණය වේ.

“ඩිජිටල් සාක්ෂරතාවය” ශ්‍රී ලංකාව සඳහා අළුතින් හඳුන්වා දුන් දර්ශකයක් වේ. වයස අවුරුදු 5 සහ 69 අතර පුද්ගලයෙකුට පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට් හෝ ස්මාට් දුරකථන භාවිතා කිරීමේ හැකියාව ඇත්නම් ඔහු/ඇය ඩිජිටල් සාක්ෂරතාවක් ඇති පුද්ගලයෙකු ලෙස සලකයි. ශ්‍රී ලංකාව සඳහා ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර පුරුෂ පක්ෂය සහ ස්ත්‍රී පක්ෂය අතර ඩිජිටල් සාක්ෂරතාවය පිළිවෙලින් 42.5% හා 35.2% ක් වේ. ඩිජිටල් සාක්ෂරතාවය නාගරික අංශයේ 54.5% ක් වන අතර ග්‍රාමීය හා වතු අංශ සඳහා පිළිවෙලින් 36.4% හා 16.4% ක් වේ.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා තවදුරටත් පැවසුවේ සියලු දිස්ත්‍රික්ක අතරින් අන්තර්ජාල භාවිතා කරන වැඩිම ජනගහන ප්‍රතිශතය (44.6%) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් 4.9% ක අඩුම ප්‍රතිශතය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත්ය.

(රජයේ නිල පුවත් සේවය)

 

මෙම සමීක්ෂණය පිළිබඳ විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්යාවලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.statistics.gov.lkයේ ප්‍රකාශයට පත්කර ඇත.

Read 18 times

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.