නව විදුහල්පතිවරුන් 1918ක් බඳවා ගන්න යයි
- 2019-07-12 09:05:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ පාසල්වල III ශ්‍රේණියේ විදුහල්පති පුරප්පාඩු 1918 කඩිනමින් සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඉකුත් පෙබරවාරි මස 10 වෙනිදා පවත්වන ලද විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා වූ තරග විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් අතරින් සුදුස්සන් තෝරා ගැනීම පිණිස ජූලි මස අවසානයේ සිට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ විදුහල්පති ශාඛාව කටයුතු යොදා තිබේ.
විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් 3881 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිතය. පසුගිය පාලන සමයේ දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පුද්ගලයන් වැඩ බලන විදුහල්පතිවරුන් වශයෙන් පත්කිරීමේ සම්ප්‍රදාය අවසන් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ලබා දුන් උපදෙස් මත විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා මීට පෙර විදුහල්පතිවරුන් 3901 දෙනෙකු බඳවා ගනු ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments