Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීම වසරේ නිශ්චිත දිනයකදී සිදුකිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ අනුව අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 දා,   අ‍.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මාර්තු 28 දා හා ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඔක්තෝබර් මස 05 දින නිකුත් කිරීමට නියමිතය.

මීට අමතරව 2019 වසරේ සිට  සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙක ම වසර අවසානයේ පැවැත්වීමට අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ වහා ම හැකි ඉක්මණින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහාත් උසස් පෙළ ප්‍රතිඵල හැකි ඉක්මණින් නිකුත් කොට විශ්ව විද්‍යාල ප්‍රවේශය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් සකස්කර ඇති බවත් අමාත්‍යවරයා හෙළි කළේය.

ජයවර්ධනපුර කලාපයේ නව ගුරු මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරවරයා මේ අදහස් අද (9දා) ප්‍රකාශ කළේය.

නිරෝෂා ප්‍රියදර්ශනී2

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.