Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ප්‍රාථමික පාසල්වල පන්ති කාමර අවශ්‍යතා සම්පුර්ණ කිරීම , ආරක්ෂාකාරී පාසල් පරිසරයක් සඳහා අවශ්‍ය අළුත්වැඩියාවන් සිදු කිරීම සහ ක්‍රියාකාරී ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ක්‍රියාකාරකම් කාමර, කියවීම් කාමර සහ තාක්ෂණික උපකරණ ලබාදීම වැනි යටිතල පහසුකම් සම්පුර්ණ කිරීම හරහා සමාන ඉගෙනුම් අවස්ථා හා පහසුකම් ප්‍රාථමික සිසුන්ට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂිතයි.

මෙම වැඩසටහන යටතේ ඉදි කෙරෙන ප්‍රාථමික අධ්‍යාපන ඉඟෙනුම් සම්පත් මධ්‍යස්ථානය තනි මහල් ,දෙමහල් ගොඩනැඟිලි ලෙස ඉදිකෙරේ. පන්ති කාමරය තුළ හෝ පන්ති කාමරයෙන් පිටත බාහිර පරිසරයේ සිදු කිරීමට නොහැකි ක්‍රියාකාරකම් ඉටු කිරීම වෙනුවෙන් “ක්‍රියා කාරකම් කාමරය” නමින් කාමරයක් නිර්මාණය කර ඇති අතර එය සුදුසු පරිදි තාක්ෂණය භාවිතා කරමින් ආකර්ෂණීය ලෙස සකස් කර ඇත.

එමෙන්ම ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන්ගේ කියවීමේ රුචිය වැඩිදියුණු වන පරිදි හා සිසුන් “කියවීම් කාමරය” සකස් කර ඇත. දරුවන් කියවීමට ආකර්ෂණීය වන ආකාරයෙන් කියවීම් කාමරය ද පවත්වා ගෙන යනු ඇත. මීට අමතරව පාසලේ අවශ්‍යතාවය අනුව භාවිතාවට ගත හැකි අකාරයේ තවත් කාමරයක්ද මෙම ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන තුල අන්තර්ගත වේ.

මෙම වැඩසටහනෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉදිකෙරෙන ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන සඳහා උපකරණ බෙදාදීම හෙට අපේ ගම පරිශ්‍රයේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.