Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇතැම් වෘත්තීය සමිති සහ ශිෂ්‍ය කණ්ඩායම් පාසල් තුළට ඇතුල් වී ඒවායේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන අයුරින් සහ පාසල් සිසුන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරගැනීමේ අරමුණින් විවිධ කටයුතු සිදු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබී තිබේ.

මීට පෙර ද ඇතැම් පාසල්වල ගුරුවරුන් සහ මාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙ වසරේ පෙබරවාරි මස 27 වන දින මෙවැනි තත්වයන් වැලක්වීම පිණිස චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.
නමුත් තවදුරටත් විවිධ පාර්ශව විසින් පාසල් තුළට ඇතුලු වී පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධා ඇති කිරීම සහ අන්තගාමී මතවාද පාසල් දරුවන් වෙත යොමු කරවීමේ සිදුවීම් වාර්තා වී ඇති බැවින් ඒවාට සම්බන්ධ වන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව පාසල් කාලය තුළ දී පාසල් දරුවන් උද්ඝෝෂණ වලට සම්බන්ධ කරවීම, බාහිර පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට පාසලට ඇතුල්වීම හා ඔවුන්ට පාසල් සිසුන් ආමන්ත්‍රණය කිරීමට ඉඩ ලබා දීම, ගුරුවරුන් හමුවීමට අවස්ථාව ලබා දීම ආදී ක්‍රියාවන් වැළක්වීමට විදුහල්පතිවරු හරහා පියවර ගැනීමේ වගකීම සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා තිබේ.
එමෙන් ම යම් බාහිර පාර්ශවයක් අනවසරයෙන් පාසලට ඇතුල් වුව හොත් ඒ සම්බන්ධව විදුහල්පතිවරයා වගකිව යුතු අතර විදුහල්පතිවරයාට පාලනය කරගැනීමට නොහැකි අවස්ථාවල එම තත්ත්වය පාලනය කිරීමට පොලීසියේ සහය ලබාගැනීමට හැකි පරිදි පොලීස්පතිවරයා දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඇතැම් වෘත්තීය සමිති සහ ශිෂ්‍ය කණ්ඩායම්වල අවස්ථාවාදී දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණින් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරමින් ඔවුන්ව යොමු කර ගැනීමට දරණ උත්සාහයන් ව්‍යර්ථ කිරීමට මැදිහත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම ගුරුවරුන් මාපියන් මෙන් ම සෙසු පාසල් ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.