පෙරහැරත් එක්ක මහනුවරට 'කුණු ටොන් 200 ක්': විදේශිකයෝ පොලිතින් දමා නොයති
- 2017-08-10 00:53:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යය සමයේ මහනුවර නගර සීමාව තුළ ටොන් 200 ට අධික අමතර අපද්‍රව්‍ය ප්‍රමාණයක් එක්රැස් වී ඇති බව නාගරික යාන්ත්‍රික ඉංජිනේරු සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව උපුටා දක්වමනි බිබිසී ලෝක සේවය පවසයි.
එම දෙපාර්තමේන්තුවේ හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක පවසන පරිදි මහනුවර නගර සීමාව තුළ දෛනිකව එක්රැස් වන කසල ප්‍රමාණය ටොන් 120කි.
පෙරහැර නැරඹීමට පැමිණි බැතිමතුන් සහ සංචාරකයන් මෙන්ම ඒ සඳහා සහභාගී වූ අලි ඇතුන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා මෙවර කසල එක්රැස් වී ඇති බව ඔහු පෙන්වා දුණි.
නගර සීමාවේ පැවති උත්සවවලින් ඉවත දමන ලද අපද්‍රව්‍ය සහ අලි ඇතුන්ට ආහාර ලෙස සැපයූ කොල වර්ගවලින් ඉතිරි වූ ඒවා ද ඊට ඇතුළත්ය.
පෙරහැර නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අනුව එක්රැස් වන කසල ප්‍රමාණය වෙනස් වන බවත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.
පෙරහැර සමයේ ජනතාව මහනුවර නගරයට පැමිණීම වැඩි වීමත් සමග නගර සීමාවේ පිහිටි හෝටල්වලින් බැහැර කෙරෙන කසල ප්‍රමාණය ටොන් 75 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක කියා සිටියේය.
ඔහු පවසන පරිදි සෙසු දිනවල හෝටල්වලින් බැහැර කරන කසල ප්‍රමාණය ටොන් 47 කි.
Source : BBC
Reply To:
Name - Reply Comment
0 Comments