බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දමයි
- 2018-10-08 00:16:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැසි සහිත කාලගුණක තත්ත්වය හේතුවෙන් බැද්දගාන තෙත්බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් අනපේක්ෂිත අයුරින් ජල මට්ටම ඉහළ යාම නිසා මෙම තීරණය ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තු තොරතුරු අනුව ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය වැඩි වීමේ තත්ත්වයක් පවතින හෙයින් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය මෙම පියවර ගෙන තිබේ.
මේ කාලයේදී උද්‍යානය වෙත පිවීසීමෙන් වළකින ලෙස මහජනතාවට දැනුම් දෙනු ලබන නාගරික සංවර්ධන අධිකාරීය වැඩි දුරටත් පවසනුයේ වැසි සහිත කාලගුණික තත්ත්වය පහව ගිය පසු නැවත උද්‍යානය මහජනතාවට විවෘත කරන බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments