මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පාසල්වල විශේෂිත වැඩසටහන් මාලාවක්
- 2019-06-20 14:01:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මත්ද්‍රව්‍ය භාවිතයට හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය සෑම වසරක ම ජුනි මස 26 වැනි දිනට යෙදී ඇත.
එම දිනය තේමා කරගනිමින් ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ජුනි මස 23 දින සිට ජුලි 01 දින තෙක් සතිය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ කාල රාමුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සියලු පාසල් සිසුන් දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව, මද්‍යසාර හා දුම්වැටි භාවිතය සමාජයෙන් තුරන් කිරීම වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කිරිම සඳහා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කාලරාමුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු පාසල් ප්‍රධානීන් විසින් පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව රැස් කර අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකළ යුතු බවත්, අදාළ සතිය තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවේ වගකීමක් වන බවත්, මේ සම්බන්ධව සියලු ම රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ පිරිවෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ආදර්ශ පාඨයක් පාසලේ ප්‍රදර්ශනය කිරීම, පන්ති කාමර මට්ටමින් අදාළ සතිය තුළ එක් එක් දිනයන්ට අදාළව මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළව ආකල්පමය වෙනසක් ඇති කළ හැකි ආකාරයේ ආදර්ශ වාක්‍ය ප්‍රදර්ශනය කරවීම, පන්ති මට්ටමින් බිත්ති පුවත්පත් පවත්වාගෙන යාම, බාහිර දේශකවරයෙකු සම්බන්ධ කරගනිමින් උදෑසන පාසල් රැස්වීමේ දී දේශනයක් පැවැත්වීම, මීට අමතරව පාසල් මට්ටමින් සුදුසු නිර්මාණාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව බලගැන්වීම ඒ අනුව සියලු පාසල් ප්‍රධානීන්ට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි .
Reply To:
Name - Reply Comment
0 Comments