Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එළවළු, පලතුරු ඉතා හොඳින් වැවෙන රටක් වන ශ්‍රී ලංකාවේ පාසල් ළමයින් අතර මාසයක කාලයක් තුළ කිසිදු එළවළු වර්ගයක් ආහාරයට එකතු කර නොගත් දරුවන් 1.7%ක් හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්‍ෂිකා, විශේෂඥ වෛද්‍ය ලක්මිණී මාගොඩරත්න මහත්මිය පැවසුවාය.

එසේම මාසයක් වැනි කාලයක් තුළ කිසිම පලතුරක් ආහාරයට නොගත් පාසල් වයසේ දරුවන් 7.1%ක්ද සිටින බවට සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය කරගත් බවද ඒ මහත්මිය පවසා සිටියාය.

පෝෂණ මාසය වෙනුවෙන් මාධ්‍ය‘වේදීන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (30දා) පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව පවසා සිටියාය.

'මම මගේ ශරීර ස්කන්ධය දර්ශකය දැනගනිමි' යන තේමාවෙන් මෙවර ජූනි මාසය 'ජාතික පෝෂණ මාසය' ලෙස නම් කර ඇති බවත්, එහිදී ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් තුළ පවතින ස්ථුලතාව හා ස්ථුලතාවට ඇති අවදානම් තත්ත්වය හඳුනාගෙන ඒ සඳහා විවිධ වැඩසටහන් හඳුන්වා දීමට නියමිත බවද ඒ මහත්මිය සඳහන් කර සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ලක්මිණී මාගොඩරත්න මහත්මිය,

“මෙරට පාසල් දරුවන් යොදාගෙන සිදුකරන ලද පරීක්ෂණයකින් 20.7%ක් පාසල් දරුවන් ක්ෂණික ආහාර සතියකට දෙවරක්වත් අනුභව කර තිබෙන බව වාර්ති වුණා. ඒ වගේම 26.6%ක් දරුවන් කාබනිකෘත බීම වර්ග දිනපතා පානය කර තිබෙනවා. හොඳට එළවළු, පලතුරු වැවෙන රටේ අපට හරි පුදුමයි 32.1% දවසකට පලතුරු දෙකක්වත් ආහාරයට අරගෙන තියෙන්නේ. ඒ වගේම දවසකට එළවළු වර්ග තුනකට වඩා අනුභවයට ගන්නා ළමයින් සිටින්නේ 35.6%ක් වැනි අගයකයි.

මාසයක කාලයක් තුළ ළමයින් 7.1%ක් පලතුරු කන්නේම නැති බව අනාවරණය වී තිබෙනවා. ඒ වගේම එළවළු වර්ගයක් මාසයක් ඇතුළත ආහාරයට නොගත් ළමයින් 1.7%ක් ඉන්නවා.

පාසල් ළමයින් තුළ පවතින අධික තරබාරු බව ක්‍රමයෙන් රටේ සෞඛ්‍ය පද්ධතියටම ගැටලුවක් බවට පත්ව තිබෙනවා. මෙයට ළමයින් නියමිත වෙලාවට ආහාර නොගැනීම, සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම, ක්‍රියාකාරී සෙල්ලම්වල නොයෙදීම, නින්ද අඩු වීම ආදී හේතු ගණනාවක් බලපා තිබෙනවා.

අපි සාමාන්‍ය‘යෙන් උදෑසන අවදි වෙලා පැය භාගයක් ඇතුළත ආහාර ගන්න ඕන. නමුත් පාසල් ළමයින් යොදා ගනිමින් කළ පරීක්ෂණයෙන් අපට අනාවරණය වුණේ පාසලට පැමිණීමට පෙර ආහාර අනුභව කර පැමිණෙන්නේ 68%ක් පමණ පිරිසක් බවයි. ඒ වගේම පාසල් ළමයින්ගෙන් 18.6%ක්ම දවසකට පැයක්වත් සෙල්ලම් කරන්නේ නැහැ”යැයි පවසා සිටියාය.

නදීශානි පතිරණ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.