මුරුංගා ආශ්‍රිත ආහාර සැපයීමට කර්මාන්ත ශාලාවක්

2024 අප්‍රේල් මස 30 පෙ.ව. 01:13 - {{hitsCtrl.values.hits}}  

මුරුංගා ආශ්‍රිත ආහාරසැපයීම සඳහා වූ කර්මාන්ත ශාලාවක්, හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

චීන සමාගමක් හා එක්ව මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය බලාපොරොත්තුවෙයි.

දෙපාර්ශ්වය තීරණය කර ඇත්තේ මුරුංගා පත්‍ර ආශ්‍රිතව නිපදවිය හැකි නිෂ්පාදන රැසක් අන්තර්ජාතික වෙළෙඳපොළ වෙතහඳුන්වාදීමටයි.

මුරුංගා පත්‍ර වියළා ගැනීම තුළින් සකස්කරගත හැකි සුප් වැනි පානයක් සහ සෝස් නිෂ්පාදනයක් කෙරෙහි එහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ. මීට අමතරව මුරුංගා කරල් සහ මුරුංගා ඇටවලින් තෙල් ලබාගැනීමටද අපේක්ෂා කෙරේ. ආයෝජකයන් පිරිස අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇත්තේ මුරුංගා ඇටවල ඇති මේදය කොලෙස්ටරෝල් පාලනයට ඉතාහිතකර වන බවයි.

මේ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේ මෙම කර්මාන්තශාලාව පිහිටුවීමෙන් අනතුරුව හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවට මුරුංගා වගාවක් ලෙස සිදුකර අමතර ආදායමක් උපයාගැනීමට හැකිවනු ඇති බවයි.ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ වනවිටත් අවධානයට යොමු නොවූ ස්වාභාවික සම්පත් උපයෝගී කර ගනිමින් ජනතාවට ආදායම් උපයාගත හැකි මාර්ග සම්පාදනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉලක්කය බවද කී ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,

&ශ්‍රී ලංකාවේ ඉබේ වැවෙන ශාකයක් වන මුරුංගා කරල් ආහාරයට ගන්නා නමුත් මුරුංගා කොළ අපේ රටේ තවමත් එතරම් ජනප්‍රිය නොවූ ආහාරයක්.මුරුංගා පත්‍රවල බහුල වශයෙන් විටමින් B, විටමින්C, ප්‍රෝවිටමින්A,බීටා කැරොටින්, විටමින් K, මැංගනීස් හා ප්‍රෝටීන් ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින්ද සමන්විත බව පැවසෙනවා.මුරුංගා පත්‍රවල කැල්සියම් ඔක්සලේට් ප්‍රමාණය නිවිතිවලට වඩා විසිපස් ගුණයකට වඩා ඉහළ මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ. නිවිතිවල බහුල වශයෙන් තිබෙන යකඩ ඉක්මනින්ම මිනිස් සිරුරට අවශෝෂණය වන්නේ නැහැ. නමුත් මුරුංගා පත්‍රවල ඇති යකඩ ඉක්මනින්ම මිනිස් සිරුරට අවශෝෂණය වන නිසා මුරුංගා පත්‍ර ආහාරයට ගැනීම මගින් සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකියි* යැයිද පැවසීය.(wmdjbm)

 

 

දින පොත