Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එළඹෙන වසරේ සිට ශ්‍රී ලංකාවේ මුහුදු රළ බලශක්ති නිපදවීමේ කාර්යයන් ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන බව ෆින්ලන්තයේ ඒ ඩබ්ලිව් බලශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඩ් මහතා පැවසීය.

ලෝකයේ නවතම පුනර්ජනනීය බල උත්පාදක මාධ්‍යයක් වූ මුහුදු රළ බල උත්පාදනය පිළිබඳ අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ  (09 දා) සන්ධ්‍යාවේ ෆින්ලන්තයේ හෙල්සිංකි නුවර ඒ.ඩබ්ලිව් බලශක්ති ආයතනයේ අධ්‍යයන චාරිකාවක නිරත වූ අවස්ථාවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

මුහුදු රළ මගින් බලශක්ති උත්පාදනය කරලීම පිළිබඳව ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ මූලික සමීක්‍ෂණ කාර්යයන් සිදු කර අවසන් බවත්, එසේම ඒ සම්බන්ධයෙන් තම තමන් සතු අත්දැකීම් සහ තාක්‍ෂණය ශ්‍රී ලංකාවට සැපයීමට සූදානම් බවත් එහිදී  ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

පරිසර හිතකාමී මුහුදු රළ බල ශක්තිය, විදුලි බලය නිපදවීම, මුහුදු ජලය පිරිසුදු කිරීම හා ජලය පොම්ප කිරීම වැනි කාර්යයන්ට පහසුවෙන් යොදා ගත හැකිය. මෙතෙක් සිදු කළ පර්යේෂණයන් අනුව ඉන්දීය සාගරය ද මුහුදු රළ බල ශක්ති උත්පාදන කලාපයක් සේ සැලකේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.