Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක‍්‍රියාවට නංවනු ලබන දහතුන් වසරක අඛණ්ඩ සිසු අධ්‍යාපන වැඩසටහනට සමගාමීව පාසල් සිසු දරු දැරියන්ගේ පෞරුෂ සංවර්ධනය සහ නායකත්ව අභිවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ක‍්‍රියාවට නංවනු ලබන වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත‍්‍රික්කය කේන්‍ද්‍ර කර ගනිමින් ක‍්‍රියාවට නැංවේ.

මහනුවර අධ්‍යාපන කලාපයට අයත්ව තෝරා ගනු ලැබූ පාසල් හි 12, 13 වසර වල ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 2900ක් ඉලක්ක කර ගනිමින් ඔවුන් සඳහා පෞරුෂ සංවර්ධනය හා නායකත්ව කුසලතා පුහුණු වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි.

පසුගිය පෙබරවාරි 24 වන දා ඇරඹි මෙම වැඩසටහන ලබන 12 වන දා දක්වා පැවැත්වේ. මේ සඳහා සම්පත් දායකත්වය දක්වනු ලබන්නේ ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන ජාතික යොවුන් සේනාංකයයි.

ජාතික යොවුන් සේනාංකය පෞරුෂ සංවර්ධනය, නායකත්වය හා වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දෙනු ලබන ප‍්‍රමුඛ පෙළේ යෞවන පුහුණු රාජ්‍ය ආයතනය වේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.