රියදුරු බලපත්‍ර ආශ්‍රිත කටයුතු හා විභාග අත්හිටුවයි
- 2020-03-16 14:18:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා (COVID-19) වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කළ හැකි වන පරිදි, මහජනයා කණ්ඩායම් ලෙස එක්රැස් වීම වලකන සියලු අවස්ථාවෝචිත ක්‍රියාමාර්ග ගැනීම රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර ඇත.
ඒ අනුව, එහි මුලික පියවරක් ලෙස රියදුරු බලපත්‍ර ලබාගැනීම, අලුත්කිරීම හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මහජනතාව වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයකට පැමිණීම 2020 මාර්තු 31 දක්වා තාවකාලිකව සීමා කිරීමට කටයුතු කරනු ලැබේ.
එබැවින්, හෙට (2020-03-17) සිට 2020 මාර්තු 31 දක්වා කාලය තුල වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයේ හෝ අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාල වල රියදුරු බලපත්‍ර ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බව මෙයින් දැනුම් දෙනු ලැබේ. එමෙන්ම හෙට (2020-03-17) සිට 2020 මාර්තු 31 දක්වා කාලය තුල දැනටමත් දින හා වේලාවන් ලබා දී ඇති සියලු රියදුරු බලපත් ලිඛිත හා ප්‍රයෝගික පරීක්ෂණ ද අවලංගු කරනු ලැබේ.
ඒ අනුව, මෙම කාලසීමාව තුල වේරහැර හා අනිකුත් දිස්ත්‍රික් කාර්යාලවලට පැමිණීමෙන් වලකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.මේ කාල සීමාව තුල කාලය දීර්ඝ කිරීමට නියමිත රියදුරු බලපත් හා තාවකාලිකව අවලංගු කරන ලද පරීක්ෂණ සඳහා ලබා දෙන විසඳුම පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරනු ඇත. information departmnet
Reply To:
Name - Reply Comment
0 Comments