වනාන්තර ගිනි තැබීමෙන් දේශීය ඖෂධ රැසක් විනාශයට?

2024 මැයි මස 05 ප.ව. 02:29 - {{hitsCtrl.values.hits}}  

මධ්‍යම පළාතේ වසරක් පාසා සිදුවන වනාන්තර ගිනි තැබීම් හේතුවෙන් දේශීය ඖෂධ රැසක් විනාශවීමෙන් දේශීය වෙදකම සිදුකිරීමට අවශ්‍ය ඖෂධ සොයාගැනීම දුෂ්කරවී ඇතැයි ලග්ගල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරු අවධාරණය කරති.

පාරම්පරික කැඩුම් බිඳුම් වෛද්‍ය ආර්.එමී. මුතුබණ්ඩා මහතා පැවසුවේ, මේ වනවිට රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ හිඟයක් පවතින බවයි.

කාලයක් තිස්සේ සිදුවන වනාන්තර විනාශයන් හේතුවෙන් ස්වභාවිකව වැඩෙන මොනර කුඩුම්බිය,වැල්මී,වෙලං,බිං කොහොඹ, මූණමල්,හී රැස්ස,ඇත් දෙමට වැනි ඖෂධ රැසක් විනාශවීම සිදුව ඇති බව හෙතෙම පවසා සිටියේය.

මේ වනවිටත් මධ්‍යම පළාතේ වාර්ෂිකව සිදුවන වනාන්තර ගිනි තැබීම් හේතුවෙන් සිදුවන වන විනාශයන් අවම කිරීමට වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇතැයි මේ සම්බන්ධයෙන් කල විමසීමකදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මධ්‍යම පළාතේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ මේ වනවිටත් ස්වභාවික ජල උල්පත් සිඳීයෑම මෙන්ම, වසර ගණනක් පැරණි රුක්ෂ විශේෂ රැසක් අහිමිවී ඇති බව මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා පසුගියදා නාඋල පැවැති උත්සවයකදීසඳහන් කළේය.

 

දින පොත