වසරකට තුන්වරක් ඵලදාව ලබාගත හැකි පේර ප්‍රභේදයක්
- 2020-01-28 10:51:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසරකදී අවස්ථා තුනකදී ඵලදාව ලබාගත හැකි නව පේර ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබේ. ග්‍රෑම් හාරසීයත්, පන්සීයත් අතර බරකින් යුත් මෙම පේර විශේෂය මාංශ ගතිය වැඩි හා මෘදු ගතියක් සහිත ඇටවලින් යුක්ත බව එම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.
ගන්නෝරුව පේර ලෙස නම් කර තිබෙන මෙම පේර පැළ දැනට ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයෙන් දැනට ලබාගත හැකි බවත්, මෙම ප්‍ර‘භේදයට අමතරව මේ වනවිට පේර ප්‍ර‘භේද අටක් ගොවීන්ට හඳුන්වාදී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. දැනට හඳුන්වාදී තිබෙන සමස්ත පේර ප්‍ර‘භේද නවයෙන් හතරක් දෙමුහුන් ප්‍ර‘භේද බවත්, ඉතිරි ප්‍ර‘භේද පහ විවෘත පරාගන පේර බවත් සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.
අනෙකුත් පේර සංසන්දනය කිරීමේදී අලුතින් හඳුන්වාදුන් ගන්නෝරුව පේර විශේෂයෙන් වැඩි ඵලදාවක් ලබාගත හැකි බවද හෙතෙම පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments