Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2016 සහ 2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරෙහි පවතියි.

ඒ අනුව, දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත සිසුන් 4,000 බැගින් වන කණ්ඩායම් දෙකක්  (සිසුන් 8000ක්) සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන විවිධ පාඨමාලා සඳහා බඳවාගැනීම එළඹෙන සැප්තැම්බර් මාසයේ මුල් සතිය තුළ සිදුකිරිමට සියලු කටයුතු සූදානම් ව තිබේ.

2016 සහ 2017  වසරවල උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන්ට විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අංක 2108 දරන 2019/01/25 දිනැති ගැසට් නිවේදනය මගින් සලසා දී තිබූ අතර, ඒ අනුව මෙවර ලැබි තිබූ අයදුම්පත් සංඛ්‍යාව 68,000කි.

මේ අතරින් සුදුසුකම් මත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූ  සිසුන් සංඛ්‍යාව 28,000ක් වන අතර, සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 134ක් යටතේ බඳවාගැනීමට නියමිත සිසුන්  තෝරාගන්නා ලදී.  

එකවර සිසුන් 8,000ක් විද්‍යාපීඨ වෙත බඳවාගැනීමේ දී මතුවන, දේශන ශාලා පහසුකම් සහ යටිතල පහසුකම්, නව ගොඩනැගිලි, කථිකාචාර්යවරුන් සම්පාදනය ඇතුළු සියලු අභියෝග වෙනුවෙන් ද සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය පසුබිම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ  අකිල විරාජ් කාරියවසම් මහතාගේ  මගපෙන්වීම යටතේ  මේ වනවිට සකස් කෙරෙමින් පවතී.

21 වැනි සියවසට ගැළපෙන නව දැනුම රටේ දරුවන්  වෙත ලබාදීම අත්‍යාවශ්‍ය වන අතර, ගුරුවරුන් පුහුණු කිරීමේ දී ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමුකරමින් කටයුතු කරන ලෙසත්,  තාක්ෂණය සමග බද්ධ වෙමින් දැනුම යාවත්කාලීන කරගැනීමට පහසු අවස්ථා සියලු ගුරුවරුන්ටත්, සියලු දරුවන්ටත් ළඟා කරදීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යතුමන් උපදෙස් ලබාදී  තිබේ.

ඒ අනුව දිගු කලක් පැවති යල්පැනගිය විෂය මාලා වෙනුවට යාවත්කාලීන වූ, නවලොවට ගැළපෙන විෂය නිර්දේශ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට හඳුන්වාදීමට ද කටයුතු යොදා තිබේ. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත පසුගිය වසරේ සිට විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා වන දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.