Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ex_2333aගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් බෙදා හරින ලද අත්පත්‍රිකාවේ අඩංගු මෙවර රසායන විද්‍යාව ii ප්‍රශ්න පත්‍රයට ඇතුළත් ප්‍රශ්න කිහිපයක් පිටකර ඇත්තේ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටව ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසන අතර, විභාගයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇතිකර නොගත යුතු බවත් ඔහු පැවසීය.

විභාගය පැවැත්වුණු දින උදෑසන විභාගය ආරම්භ වූ පසු විභාග ශාලාවේ සිටි පුද්ගලයෙකු හරහා ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න කිහිපයක් ලබාගෙන ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සැලසුම් සහගතව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගනිමින් සකස් කරගත් අදාළ ප්‍රශ්නද ඇතුළත් අත්පත්‍රිකාව විභාගය පැවැත්වෙන කාලසීමාවේදීම මුද්‍රණය කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවද අභ්‍යන්තර පරීක්ෂණක් ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.