විභාග රාජකාරිවල නිරත ගුරුවරුන්ගේ දීමනා ඉහළට
- 2018-08-17 14:34:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුරු වැටුප් තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන බවත් වැටුප් අඩුකිරීමට හෝ කප්පාදුවට ඉඩ නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එසේම විභාග රාජකාරිවල නිරත ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (17දා) විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත ව්‍යාපෘතින් මෙන්ම ඒ හරහා අත්වන ප්‍රගතිය පිළිබඳ ද්වේශ සහගතව දකින කණ්ඩායම් පටු මඩ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් තමා සහ අමාත්‍යාංශය අපහසුතාවට පත්කිරීම සඳහා දේශපාලන මඩ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments