වූහාන් කොරෝනා රෝහල දින 10කින් ඉදිකරයි
- 2020-02-03 14:19:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වූහාන්හි නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දින 10ක් වැනි කෙටිකාලයක් තුළ චීනය ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් නියමිත පරිදි දින 10 තුළ අවසන් කිරිමට චීනය සමත්විය.
මෙම රෝහලේ ඉදිකිරීම් ඉරිදා දිනයේදී අවසන් කිරීමට නියමිතව තිබුණ අතර එදිනට ඉදිකිරීම් අවසන් කරමින් අද (සඳුදා 03දා) එම රෝහලේ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
හුඕෂෙන්ෂාන්හි ඉදිකළ මෙම රෝහලේ රොගීන් 1000කට නේවාසික පහසුකම් ලබාදීමට හැකිය. මෙම රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීන මහජන විමුක්ති හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ 1400ක් වන වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යොදවා තිබේ.
2003 දී SARS වෛරස් රෝගයට ප්‍රතිකාල ලබාදීම සඳහා බීජිං නුව ඉදිකළ රෝහල් ආකෘතිය අනුව මෙම රෝහලද නිර්මාණය කළේය. මෙහි ඉදිකිරීම් පසුගිය 23දා ආරම්භ කළේය.
ෂිංහුවා
Reply To:
Name - Reply Comment
0 Comments