වූහාන් සිසුන් ගෙනා ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය ජනපතිගේ ප්‍රසාදය
- 2020-02-03 21:34:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු වුහාන් නගරයට ඇතුල්ව එහි සිටි ශ්‍රි ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට එක් වූහ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවෝ, ඉංජිනේරුවෝ හා කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක් වූහ.
මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මවුබිම වෙනුවෙන් කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ගුවන් නියමුවාගේ සිට සියලුම දෙනා එකම අරමුණකින් ක්‍රියා කළහ. ඔවුන් ගත් අවදානම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් කළ බව ඔහු සඳහන් කළේය.
ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රි ලන්කන් ගුවන් සේවය ඉදිරියට ගෙන යාමටත්, ලොව ප්‍රධාන ගුවන් සමාගම් සමග සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments