වෙසක් වෙනුවෙන් සමරු මුද්දර
- 2020-05-05 12:43:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් සමරුම, ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං යන තේමාව මුල් කරගනිමින් පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත.
ඒ වෙනුවෙන්, මිනිසාගේ මානසික මෙන්ම කායික රෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් සහ සිහිවටන පත්‍රිකාවක්ද, 2564 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාරයේ බිතු සිතුවමක් නිරූපනය වන රු.15.00 ක වටිනාකමින් යුත් සමරු මුද්දරයක්ද තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට නියමිතය.
මෙම සමරු මුද්දර නිකුත් කිරීම, අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 මැයි මස 06 වැනි දින අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.
වෙසක් මුද්දර සහ සිහිවටන පත්‍රිකාව පුලස්ති එදිරිවීර සහ රාජ්‍ය වෙසක් උත්සව මුද්දරය ඉසුරු චතුරංග යන මුද්දර නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments