ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් 05දා

2025 ජුලි මස 07 පෙ.ව. 11:38 - {{hitsCtrl.values.hits}}  

නිමා වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එළඹෙන 05 වැනිදා නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව මගින් සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

වසරේ නිශ්චිත කාලසටහනකට අනුව ප්‍රධාන විභාගවලට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් 05 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

මේ හරහා හය ශ්‍රේණියට අදාළ අධ්‍යයන කටයුතු එළඹෙන වසරේ ජනවාරි මාසයේම ආරම්භ කිරීමට අවස්ථාව උදාවෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 වැනිදාත්, අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනිදාත් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...