Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සාපෙළ ඇරඹෙයි

  • 2019-12-02 09:18:22
  • 0 Comments

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (02දා) දින සිට 12 වැනිදා දක්වා මධ්‍යස්ථාන හාරදහස් නවසිය අසූහතකදී පැවැත්වේ.

විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් හාරලක්‍ෂ තිස්තුන්දහස් පනහක් හා පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්‍ෂ අසූතුන් දහස් නවසිට පනස් අටක් පෙ‍සිටීමට නියමිත අතර, මෙවර විභාගයට පෙනීසිටින සමස්ත අයදුම්කරුවන්ගේ ප්‍රමාණය හත්ලක්‍ෂ දාහත්දහස් අටකි.

විභාගය සම්බන්ධීකරණය කිරීම සඳහා මධ්‍යස්ථාන 541ක් පිහිටුවා තිබෙන අතර, විභාග ශාලා තුළ සන්නිවේදන උපාංගවලින් සමන්විත අත් ඔරලෝසු හා ජංගම දුරකථන, විද්‍යුත් උපකරණ රැගෙන ඒම සපුරා තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මෙම නීති හා විභාග පනත උල්ලංඝනය වන ආකාරයට කටයුතු කරන අයදුරුම්කරුවන්ට වසර පහක කාලයක් සඳහා ජාතික විභාග තහනමක් පැනවීමට හා මෙවර විභාගයේ ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.

විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී විභාග මධ්‍යස්ථානවලට අවසර නොමැතිව ඇතුළු වීමට ඉඩ ලබානොදෙන බවත්, මේ පිළිබඳ හා විභාග වංචා සිදුවනවාද යන්න සොයා බැලීමට විශේෂ කණ්ඩායම් යොදවා තිබෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

සෑම දිනකම උදෑසන 8.30ත්, සවස 1.00ත් යන කාලවේලාවන් තුළදී විභාගය ආරම්භ වන බැවින් සියලු අයදුම්කරුවන් අදාළ කාලයට විනාඩි 30කට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බවත්, ප්‍ර‘වේශ පත්‍රයට අමතරව ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් විසින් අයදුම්කරුගේ ඡායාරූපයක් සහිතව නිකුත් කළ ලිපිය ඉදිරිපත් කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

විභාග වංචාවක් හෝ විභාගයට බාධා වන දෙයක් සිදුවනවා නම්, 1911 හෝ 011-2784208 නැතිනම් 011-2784537 යන දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසද සනත් පූජිත මහතා ඉල්ලා සිටියි.

මෙවර විභාගයේදී විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් වෙනුවෙන් රත්මලාන, තංගල්ල, මාතර, හලාවත ප්‍ර‘දේශයේ විශේෂ විභාග මධ්‍යස්ථාන පැවැත්වීමට නියමිත අතර, මීට අමතරව මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා අයදුම්කරුවන් වෙනුවෙන් එම රෝහල තුළත්, නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන ක්‍රීඩා උළෙලට ගොස් සිටින අයදුම්කරුවන් වෙනුවෙන් කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළත්, කොළඹ මැගසින් බන්ධනාගාරය තුළත් විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා විභාග මධ්‍යස්ථානයකට ගමන් කිරීමට අයදුම්කරුවන්ට නොහැකි වුවහොත් ආසන්නම විභාග මධ්‍යස්ථානයට අයදුම්කරුවන් යොමු කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කර තිබෙන බවත්, මේ නිසා කිසිදු අපේක්‍ෂකයෙකුට අසාධාරණයක් සිදුනොවන බවත් හෙතෙම පවසා සිටියේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.