හැටන් ගුරුවරුන් ඇගයෙති
- 2016-10-06 15:05:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැටන් කලා අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල්වල අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම සඳහා කැපවීමෙන් කටයුතු කළ සිංහල සහ දෙමළ මාධ්‍ය ගුරුවරුන් පනස් දෙනෙකු ඇගයීමට ලක්කරනු ලැබීය.
හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ශ්‍රීධරන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය එස්. රමේෂ් මහත්වරු සහභාගී වූහ. මෙහිදී ඇගයීමට ලක්වූ ගුරුවරුන් විශේෂ විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරාගෙන තිබුණි
කලාපයේ ලබන සිසු සිසුවියන්ගේ අධ්‍යාපන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙවැනි ඇගයීම් උලෙළක් පළමු වරට සංවිධායන කළ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රීධරන් මහතා පැවසීය.
හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ යමානි දුලාංජලී ශිෂ්‍යාව මලල ක්‍රීඩාවෙන් මෙරටට කීර්තියක් ගෙන ඒම වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් විශේෂ ඇගයීමකට ලක්කෙරුණි.
Reply To:
Name - Reply Comment
0 Comments