Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේදී මුද්දර මගින් අය කළ ගාස්තු ක්‍රමය මේ මස 31 වැනිදායින් පසු අවලංගු කිරීමට තීරණය කර තිබේ. මේ අනුව සැප්තැම්බර් පළමුවැනිදා සිට ජාතික හැඳුනුම්පත් සකස් කිරීම සඳහා ඍජුවම මුදල් අය කිරීමට තීරණය කර තිබේ.

මෙම ක්‍රමයට අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වී පළමු වරට ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේදී ගාස්තු ලෙස අයකළ රුපියල් තුනේ මුද්දරය අවලංගු වී යන අතර, ඒ සඳහා රුපියල් සියයක මුදලක් ගෙවීමට සිදුවේ.

මීට අමතරව ජාතික හැඳුනුම්පතක සඳහන් කරුණු සංශෝධනය කිරීම වෙනුවෙන් අයකළ රුපියල් පහළොවක මුද්දර ගාස්තුව වෙනුවට රුපියල් දෙසිය පනහක මුදලක් අය කිරීමටත්, නැතිවූ ජාතික හැඳුනුම්පතක් වෙනුවෙන් හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා අය කළ රුපියල් පහළොවක මුද්දර ගාස්තුව වෙනුවට රුපියල් පන්සියයක මුදලකුත් ගෙවිය යුතුය.

අදාළ මුදල ප්‍ර‘දේශයේ ග්‍රාම නිලධාරීවරයාට හෝ ප්‍රා‘දේශිය ලේකම් කාර්යාලයට ගෙවා ලබාගන්නා කුවිතාන්සිය අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතු බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණසේකර මහතා සඳහන් කළේය.

ගාස්තු ගෙවීමට නොහැකි දිළිඳු පුද්ගලයන් සඳහා ප්‍රා‘දේශිය ලේකම් කාර්යාලයෙන් ලබාගන්නා ගාස්තු ගෙවීමෙන් නිදහස් කිරීමේ සහතිකය මගින් ගාස්තු නොගෙවා හැඳුනුම්පත සකස් කරගත හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.(wmdjbm)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.