හැඳුනුම්පත් එක්දින සේවාව ඇරඹෙයි
- 2020-06-24 10:27:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝවිඩ්-19 වසංගත තත්ත්වය පැතිරයාමේ අවදානමත් සමග තාවකාලික නවතා දමා තිබූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව නැවත ආරම්භ කරතිබේ.
ඒ අනුව විශේෂ වැඩපිළිවෙළක් යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුවන අතර, එහි පළමු අදියර යටතේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී දිනකට සේවාලාභීන් 250කටත්, ගාල්ලේ පිහිටි දකුණු පළාත් කාර්යාලයේදී දිනකටසේවාලාභීන් 50කටත් පමණක් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සැලසුම් කර තිබිණි.
මෙම වැඩපිළිවෙළට අනුව එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට අපේක්‍ෂා කරන සේවාලාභීන් තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී මගින් සහතික කර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් ශාඛා කාර්යාලය වෙත යොමු විය යුතුය. එහිදී ඉදිරි කාර්යාල වැඩ කරන දින 10ක් ඇතුළත තමන්ට පැමිණිය හැකි පහසු දිනයක් හා වේලාවක් සඳහා වෙන් කළ අංකයක් ලබාගත යුතු අතර, නියමිත දිනයේදී පැමිණීමට නොහැකි වුවහොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවෙත යොමුව වෙනත් දිනයක්හා වේලාවක් ලබාගත යුතු බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. (wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments