2018 ලෝක ආදිවාසී දින සැමරුම් උළෙල දඹාන ආදිවාසී ගම්මානයේදී.
- 2018-08-07 15:29:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය අනිද්දා (09දා) දඹාන ආදිවාසී ගම්මානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි වේ.
මෙවර ආදිවාසී දින තේමාව වන්නේ ‘සංක්‍රමණය හා සංචලනය’ යන්නයි. මෙම වැඩසටහනේ එක් අදියරයක් වශයෙන් ආදිවාසී ජනතාවගේ සාමාජීය හා සංස්කෘතික තොරතුරු ඇතුළත් සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විවෘත වන අතර, එය දෙස් විදෙස් සංචාරකයන් හට ශ්‍රී ලාංකික ආදිවාසී ප්‍රජාව සහ ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකිවන අයුරින් සකස් කර තිබේ. එමෙන්ම එම ගම්මානයන්හි පවුල් 350ක් සඳහා පෝෂණාධාර ලබාදීමේ වැඩසටහනක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරේ.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ නායකත්වයෙන්, ශ්‍රී ලංකාවේ දැනට ස්ථාපිතව ඇති ආදිවාසී ගම්මාන වන දඹාන, රතුගල, නිල්ගල, පොල්ලේබැද්ද, හේනානිගල, වාකරේ යන ගම්මානයන් නියෝජනය කරමින් ආදිවාසී ප්‍රජාව මේ සඳහා සහභාගී වන අතර එහිදී ඔවුන්ට අනන්‍ය වූ විවිධ සංස්කෘතිකාංග ප්‍රදර්ශනය කිරීමද සිදුවේ.
Reply To:
Name - Reply Comment
0 Comments