2025 දී බෝ නොවන රෝග අඩු කිරීමට පියවර - පාසල් ළමුන්, රජ්‍ය නිලධරීන් දැනුවත් කෙරේ
- 2016-07-19 00:45:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඒ අනුව බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරීමේ පොත් බෙදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් මෙම කරුණු අනවරණය කළේ, පසුගිය දා කොළඹ, පැවැති මාධ්‍ය හමුවකදී ය.
එහිදී අඳහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, රෝගීන්ගෙන් සියයට 70%ක් ම මිය යන්නේ බෝ නොවන රෝගවලින්.ඉදිරියේ දී බෝ නොවන රෝග පිළිබඳව පසල් දරුවන් දැනුවත් කිරීමට පොත් මිලියනක් බෙද හැරීමට කටයුතු කරනවා. 6 වසර සිට 10 වසර දක්වා ලබාදෙනවා.
බෝ නොවන රෝගවලින් වැළකී සිටින්නේ කොහොමද කියා දනුවත් කිරීමක් සිදු කරනවා.ආපන ශාලාවලට අලෙවි කළ හැකි ආහාර මොනවාද යන්න උපදෙස් ලබාදෙනවා.
එමෙන් ම රජයේ නිලධාරීන් වෙනුවෙන් දැනුවත් කිරීමේ පොත් ලක්ෂයක් බෙදා හරීමට කටයුතු කරනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහයෝගය ඇතිවයි.
පණි බීම සඳහා රතු කහ කොළ ලෙස ට්‍රැෆික් ලයිට් ක්‍රමය ක්‍රියාත්මක කළා.සීනි, ලුණු සහ මේදය පිළිබඳව සඳහන් කළේ 2015 දී එහෙත් ඒයට විරුද්ධ වූ අය විවිධ කතා කිව්වා. එංගලන්තය 2016 දී සීනි කැට 5 වැඩි බීම වර්ගවලට බදු වැඩි කළා.
සුවදිවි මධ්‍යස්ථාන 842ක් ක්‍රියාත්මක වෙනවා. ඉන් නොමිලේ තමන්ගේ සෞඛ්‍ය පරීක්ෂා කරගත හැකියි.මූලික වෛද්‍ය පරීක්ෂාවන් සිදු කෙරෙනවා.
කාන්තාවන් වෙනුවෙන් සුවනාරී මධ්‍යස්ථාන 906ක් ක්‍රියාත්මකයි. පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා පරීක්ෂ කරවා ගත හැකියි.
මෙහි දෙවැනි අදියර ලෙස දිස්ත්‍රික්කයකට එකක් බැගින් ඊ.සී.ජී. පරීක්ෂාව, එක්ස් රේ පරීක්ෂාව සිදු කරගත හැකි මධ්‍යස්ථාන පිහිටු වීමට බලාපොරොත්තු වෙනවා.
වසර 2020 වනවිට සියයට 10%කින් බෝ නොවන රෝග අඩු කරගැනීමටත් 2025 වනවිට සියයට 20%කින් බෝ නොවන රෝග අඩු කරගැනීමට කටයුතු කරනවා යැයි පැවසී ය.(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments