ශ්‍රී ලංකාවේ පසු අස්වනු පාඩුව වසරකට මිලියන 18,000ක්

2024 අප්‍රේල් මස 30 පෙ.ව. 12:08 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව තුළ සිදුවන පසු අස්වනු හානිය මගින් වාර්ෂිකව රුපියල් මිලියන 18,000ක මුදලක් රටට අහිමිවන බවට චීන විශේෂඥයන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණයවී තිබේ.

එම පර්යේෂණය මගින් පෙන්වා දී ඇත්තේ සතුන්ගෙන් සිදුවන  වගා හානි, අස්වනු නෙළාගැනීමේදී සිදුවන හානි හාඅස්වනු සඳහා නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් වගාවන් අත්හැර දැමීම යනාදී කරුණු ඊට බලපා ඇති බවයි.

ශ්‍රී ලංකාවේ පසු අස්වනු නාස්තිය පිළිබඳ විමර්ශනය කළ චීන නියෝජිත පිරිස පසුගියදා එම වාර්තාව  කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා වෙත බාරදුන් අතර,එහිදී ඔවුහු අධ්‍යයනය කළ යුතු කරුණු මෙන්මනාස්තිය වළක්වාගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවදඅමාත්‍යවරයා දැනුවත් කර සිටියහ.

ඔවුන් පෙන්වා දුන්නේනවීන තාක්ෂණය යොදාගැනීම, අස්වනු නෙළා ගැනීමේදී භාවිත කළ යුතු දියුණු ක්‍රම හා ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ගොවීන්ට ලබාදීම යනාදී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසු අස්වනු නාස්තිය අවම කරගත හැකි බවයි.

චීන රජයේ වියදමින් ශ්‍රී ලංකාවේ පසු අස්වනු නාස්තිය පිළිබඳ පර්යේෂණයක් සිදු කර එහි වාර්තාව ලබාදීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා චීන නියෝජිත පිරිසට එහිදී සිය කෘතඥතාව පළ කර සිටියේය.

ශ්‍රී ලංකාවේ වගා කරන බෝගවලින් 30෴ක් වාර්ෂිකව වනසතුන් විසින් විනාශ කර දමන අතර, පසු අස්වනු නාස්තිය හා නියඟය හේතුවෙන් වගා කරන බෝගවලින් තවත් 30෴ක් පමණ විනාශ වේ. මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදාගනු ලබන්නේ 40෴ක පමණ ප්‍රමාණයකි. (wmdjbm)

 

දින පොත