32646ක් ශිෂ්‍යත්වය සමත්
- 2016-10-10 14:38:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රතිඵල නිකුත් වූ ශිෂත්ව විභාගයට අනුව එයට මුහුණ දුන් සිසුන් අතරින් 32646ක් ශිෂ්‍යත්වය සමත්ව ඇතැයි (කඩයිම් ලකුණු ඉක්මවා ඇති සිසුන් සංඛ්‍යාව) විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 343757ක් පෙනී සිට ඇත. ඒ අනුව සමස්ථයක් ලෙස 9.5%ක් ශිෂ්‍යත්වය සමත්ව තිබේ.
ශිෂ්‍යත්ව විභාගය සමත් ලෙස සැලකෙන ලකුණු 70ට ඉහළ ලබාගත් සිසුන් සංඛ්‍යාව 260130ක් වෙන අතර එය ප්‍රතිශතයක් ලෙස 75.6%ක් බවද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වෙයි.
ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන් ප්‍රථම ස්ථානයට පැමිණි පාසල බවට නිකවැරටිය එරියාව කණිෂ්ඨ විද්‍යාලය පත්ව ඇත. පාසල් 46ක් දිවයිනේ ඉහළම සාධනය පෙන්වා ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments