තැන තැන කුණු දැම්මොත් පොලිසියට කියන්න
- 2016-10-27 23:22:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අවිධිමත් ලෙස කසළ බැහැර කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා නිලඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන බවත් පොලිස් මාධ්‍ය ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. පළාත් පාලන ආයතන මගින් ලබාදී තිබෙන උපදෙස්වලට අනුව කැළි කසල බැහැර කළ යුතු බවත්, අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන පුද්ගලයන්ට සිරදඬුවම් ලබාදීම හා ලක්ෂ 5 දක්වා දඩ මුදල් නියම කිරීමට හැකි නීති පනවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.
අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන්නන් පිළිබඳව 011-24333333 හෝ 011-23228428 දුරකථන අංකවලින් පොලීසියටත් 011-2328418, 011-2314600 දුරකථන අංක ඔස්සේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයටත් පැමිණිලි කරන මෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments