Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර දිස්ත්‍රික් අන්තර් පාසල් මාධ්‍ය අධ්‍යාපන ශිෂ්‍ය සංගමයේ සිසු සිසුවියන් සඳහා මුද්‍රිත මාධ්‍ය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දෙන එක් දින වැඩමුළුවක් අධ්‍යාපනය සඳහා පුවත්පත් වැඩසටහන යටතේ විජය පුවත්පත් සමාගමේ නිෂ්පාදන හා  මුද්‍රණ අංශයන්හි දී පැවත්විණ. සංගමයේ අනුශාසක සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය අචාර්ය අානන්ද බණ්ඩාර අබේසිංහ මහතාගේ සංවිධානයෙන් විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය මහතාගේ උපදේශකත්වයෙන් වැඩමුළුව සංවිධානය කෙරිණ.
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප්‍රධානි ආචාර්ය බන්දුල පී. දයාරත්න, අධ්‍යාපනය සඳහා පුවත්පත් වැඩසටහනේ උපදේශක ඉන්දික සෙනෙවිරත්න, ඉරිදා ලංකාදීප නියෝජ්‍ය කර්තෘ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්, විජය කර්තෘ මණ්ඩල සමාජික, ප්‍රවීණ තිරපිටපත් රචක නදීෂ් දික්කුඹුර, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පිටුසැලසුම් අංශයේ කළමාණාකාර අසිත රත්නායක  මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩමුළුව පැවැත්විණ. බෙදාහැරීම්, මුද්‍රණ, කර්තෘ මණ්ඩල, අංශයන්හි පුහුණු අවස්ථා ලබා ගැනීමට සිසු සිසුවියන්ට අවස්ථාව සැලසිනි. විජය පුවත් සමාගමේ මානව සම්පත් කළමණාකාර තිස්ස කහඳවආරච්චි මහතා විසින් වැඩමුළුව නිරික්ෂණය කරන ලදී.

ඡායාරූප-සුමති කුඩලිගම

I සබැඳි පුවත් 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.