Semi Bus නැවැත්වීම ගැන අවසන් තීරණය සතියකින්
- 2020-01-02 14:39:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
Semi Luxury හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් ලේබලය සහිතව ධාවනය කරන බස්රථ අහෝසි කිරීමට විරුද්ධව පිළිගත කරුණු හැකිනම් එම නියෝජිතයන් සතියක් තුළ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කර තිබේ.
එම නියෝජිතයන් හා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඊයේ (01දා) මේ බව සඳහන් කර තිබේ.
මේ පිළබඳව ජාතික ගමනාගමන කොමිසම විසින් මඟීන් දස දහසක් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදුකර ඇති අතර මෙම සමීක්ෂණයට සහභාගී වු මගී ජනතාවගෙන් 68%ක්ම ප්‍රකාශ කර ඇත්තේ, මෙම සේවාව තව දුරටත් අවශ්‍ය නැති බවයි. මගී ජනතාවගෙන් 8% ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන් බස් රථයට ගොඩවී ඇත්තේ එම බසය අර්ධ සුඛෝපභෝගී බසයක් බව නොදැන බවයි.
ඊයේ පැවැති සාකච්ඡාවකට එක්වූ නියෝජිතයන් පිරිස සඳහන් කර ඇත්තේ "අර්ධ සුඛෝපභෝගී" නාමය "සීඝ්‍රගාමී සිමීත නැවතුම් " ලෙස වෙනස් කර ධාවනයට ඉඩ සලසන ලෙසයි.
එසේ වුවද අමාත්‍යවරයා පැහැදිලි කළේ, නම වෙනස් වුවද අයකරන මුදල වෙනස් නොවන නිසා එම තීරණයට එකඟ විය නොහැකි බවයි. අර්ධ සුඛෝපභෝගී සේවාව ක්‍රියාත්මක වන්නේ නම් ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසම විසින් නියෝග කර තිබෙන පහසුකම් වන, ආසන ප්‍රමාණයට පමණක් මගී ජනතාව ඇතුළත් කරගැනීම, ආසනවල හිස පහසුවෙන් තබාගත හැකි වන පරිදි පහසුකම් සැලසීම සහ සිමීත නැවතුම්පලවල පමණක් නවත්වා ධාවනය කිරීම කළ යුතු බවයි.
එහෙත් එම බස්රථ නියෝජිතයින් ඒ සම්බන්ධව තම ස්ථාවරය ප්‍රකාශ නොකළ අතර ඔවුන් කියා සිටියේ තම ව්‍යාපාරය කඩා වැටීමට ඉඩ නොදී පවත්වාගෙන යාමට ඉඩදෙන ලෙසයි.
කිසිදු ප්‍රවාහන සේවාවක් අඩාල කිරීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති බවත්, හුදෙක් මගී ජනතාව විසින් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සම්බන්ධව ප්‍රකාශ කර තිබෙන්නේ එම සේවාව තවදුරටත් අවශ්‍ය නැති බව වන නිසා, ඒ කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බවයි.
කෙසේවුවද අමාත්‍යාංශය මේ කාරණය සම්බන්ධව පැහැදිලි මතයක සිටින බවත්, කිසිදු පහසුකමක් නොදී මහජනතාව ගසා කෑමට ඉඩදිය නොහැකි බැවින් මේ සම්බන්ධව පිළිගත හැකි කරුණු ඇත්නම් ඒවා සතියක් තුළ ජාතික ගමනාගමන කොමිසමට දැනුම් දෙන ලෙසත් ඇමතිවරයා නියෝජිතයින්ට ප්‍රකාශ කළේය.
ඒ අනුව සතියකින් අනතුරුව අර්ධ සුඛෝපභෝගී සේවාව පවත්වා ගෙන යාම පිළිබඳව අවසන් තීන්දුව ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments