අධ්‍යාපන ඇමති රුසියාවේ සංචාරයක
- 2022-10-16 10:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුසියාවේ නිල සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම සංචාරය අතරතුර රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් මහතා මුණගැසිණි.
එහි දී අමාත්‍යවරයා රුසියාව ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන වශයෙන් ලබාදෙන සහයෝගය සිහිපත් කරමින් ස්තූතිය පුද කර සිටියේ ය. මෙම හමුවේ දී ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
තව ද උසස් අධ්‍යාපනය සඳහා රුසියාවට ගොස් සිටින සිසුන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ ව ද මෙම හමුවේ දී සාකච්ඡා කෙරිණි. කොවිඩ් සමයේ දී රුසියාව විසින් ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහි දී කෘතවේදීත්වය පළ කළේ ය.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළේ, රුසියා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා සිදු කරන මෙහෙය ප්‍රශංසනීය බවයි. මෙම හමුව සඳහා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments