Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉන්දියාවේ කේරලයේ සංචාරක දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන ක්ලින්ට් අන්තර් ජාතික අනුස්මණ ළමා චිත්‍ර තරගාවලියෙන් දෙවැනිවරටත්  සම්මාන ලැබීමට නුගේගොඩ අනුලා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිනලි රුවන්යා තුෂ්මිණි පීරිස් සිසුවිය සමත්විය.

කේරල සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද තෙවැනි ක්ලින්ට් අන්තර් ජාතික අනුස්මණ අන්තර්ජාතික චිත්‍ර තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 10 වන දින කේරල සංචාරක අමාත්‍ය පී.එන් මොහොමඩ් රියාස් මහතාගේ ප්‍රධානත්වයෙන් කේරල සංචාරක දෙපාර්තමේන්තුවේදි උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

'Kerala Village Life' තේමාව යටතේ  පැවැත්වුණු එම චිත්‍ර තරගාවලියේ රටවල් 132 ක චිත්‍ර 57308 ක් අතරින් ජයග්‍රහණය ලබා ගැනීමට නුගේගොඩ අනුලා විද්‍යාලයේ එච්.සිනලි රුවන්යා තුෂ්මිනි පීරිස් ශිෂ්‍යාව සමත් විය.කේරලයේ ප්‍රසිද්ධ දර්ශනීය ස්ථාන රැසක් මෙන්ම ප්‍රධාන සංචාරක ගමනාන්ත රැසක් අන්තර්ගත වූ කේරල සංචාරයක්ද ජයග්‍රහණයයට ඇතුළත් විය . ඇය 2019 වර්ෂයේද 7 ශ්‍රේනියේ ඉගෙනුම ලබන විටත් කේරල සම්මානය දිනා ගන්නා ලදි.

කලා අංශයෙන් සුවිශේෂ දස්කම් පාන ඇය මේ වන විට භරතනාට්‍යම් විශාරද , ගායන විශාරද මෙන්ම වයලීන විශාරදවරියකි. නර්තන අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ රැසකට උරුමකම් කියන ඇය නිවේදනය ,රංගනය ,සාහිත්‍ය නිර්මාණ කෙරෙහිද සුවිශේෂ දස්කම් පෙන්වයි.

මේ සියලු අංශවලින් මේවන විට ඇය ලබා ඇති ජයග්‍රහණ 300කට අධිකය.

සබැදි  පුවත්
අනුලාවේ සිනලි රුවන්යා තුෂ්මිණිට කේරල ක්ලින්ට් අන්තර් ජාතික සම්මානයක්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.