ඇමෙරිකානු පාසල්වල විෂයය භාහිර ක්‍රියාකාරකම් තහනම්ලු
- 2022-01-20 14:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ්-19 හි වත්මන් ව්‍යාප්තිය මැඬපැවැත්වීම සඳහා, එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) සෑම එක්සත් ජනපද පාසලක්ම පාහේ පාපන්දු, මල්ලවපොර, තූර්‍ය වාදක කණ්ඩායම සහ අනෙකුත් ප්‍රධාන පාසල් ක්‍රියාකාරකම් රැසක් අවලංගු කරන ලෙස යෝජනා කර තිබේ.
CDC අධ්‍යක්ෂ ආචාර්ය රොෂෙල්ලේ වැලන්ස්කි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "සමහර විෂය බාහිර ක්‍රීඩාවල වැඩි අවදානමක් පවතින නිසා මලල ක්‍රීඩාවලට වඩා මේ කාලය තුළ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන ලෙසයි. ඩෙල්ටා රැල්ල පවතින කාලය තුළද පාසල් පද්ධතිය විවෘතව තබාගැනීමට මෙවැනි මාර්ගෝපදේශ ඵලදායී වී තිබුණා." යනුවෙනි.
කෙසේ වෙතත්, දශක හතරක් තිස්සේ CDC හි උපදේශකයෙකු වන විලියම් ෂැෆ්නර් පැවසුවේ ඇමෙරිකානුවන් එවැනි යෝජනාවක් අනුගමනය කරනු ඇතැයි සිතිය නොහැකි බවයි. කෙසේ වෙතත් වත්මන් ඔමික්‍රෝන් රැල්ල මගින් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැවැන්ත අර්බුදයක් ඇති කරමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments