Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව , භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්  ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2500ක් පමණ ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. එම සියලු‍ උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරු ව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇතැයි කී අමාත්‍යවරයා මෙමගින් දක්ෂ ම ගුරුවරුන් දරුවන්ට ලබා දීමට අපේක්ෂා කරන බව පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකල නව තෙමහල් තාක්ෂණ ගොඩනැගල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.2014 වර්ෂය වන තෙක් විද්‍යා, කලා, වාණිජ යන විෂය ධාරා තුනක් පැවති නමුත් තාක්ෂණ පීඨ ආරම්භ කිරීමත් සමග තාක්ෂණ විෂය ධාරා ආරම්භ කළ බවත් අද කලා විෂය ධාරාවන්ට වඩා අධික ඉල්ලු‍මක් පවතින්නේ වෘත්තීය ක්ෂේත්‍රය සමග  සෘජු ව ම සබැඳුණු තාක්ෂණ විෂය ධාරාවන්ට බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.

අධ්‍යාපනය යථා තත්වයට ගෙන ඒමේ සහ වෙනසක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේ ප්‍රධාන අභියෝග දෙක ම අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමත් සමග ම භාරගෙන ඒවාට සාර්ථක ව මුහුණ දුන් බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

එමෙන් ම අධ්‍යාපන ඩිජිටල්කරණය යනු හුදු කළුලෑල්ලෙන් සුහුරු තිරයට මාරුවීමක් පමණක් නොවන බවත්  නවීනතම ‘ස්මාට් බෝඩ්‘ 2500ක් ලබන අගෝස්තු-සැප්තැම්බර් මාස වන විට දිවයිනේ සියලු‍ පර්ෂද මූලස්ථ ප්‍රමුඛ පාසල්වලට පළමු අදියර තුළ ලබා දී වසර තුනක් ඇතුළත සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එක ම ජාලයකට ගෙන සුහුරු අධ්‍යාපන අවස්ථා සැලසීමට අපේක්ෂා කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී පැවසී ය. ගුරුවරුන් ද මේ සඳහා සූදානම් විය යුතු අතර එම ගුරු පුහුණුවීම්වලට අදාළ ගුරු අත්පොත මේ වන විට විෂය ප්‍රවීණ විද්වතුන් ලවා සකසා අවසන් ව ඇති බවත් මුලික වටයේ දී ගුරුවරුන් 7500ක් පුහුණු කරන බවත් අමාත්‍යවරයා කරුණු දක්වමින් පැවසී ය.

පසුගිය සමයේ පැවති අර්බුදකාරී තත්වය නොවන්නට වසර දෙකක දී මේ කාර්ය නිමා කළ හැකි වන බවත් ගුරුවරුන් දෙලක්ෂ තිස් දෙදහක් පුහුණු කිරීමේ අභියෝගයට ඉදිරියේ දී මුහුණ දීමට ඇති බවත් කී අමාත්‍යවරයා එම අභියෝග භාර ගැනීමට තමන් සූදානම් බව ද ලෙඩ නිවාඩු දමන පිරිස, නොනැවතී ඉදිරියට යන දරුවන් හමුවේ මේ වගකීම අවබෝධ කරගත යුතු බව ද සඳහන් කළේ ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන විට 1-6-10 නියමු ව්‍යාපෘති 2025 වර්ෂයේ ආරම්භ වන අතර ඒ අනුව ඉදිරියේ දී 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය විභාගයෙන් පමණක් ගත නොහැකි බව පැවසූ අමාත්‍යවරයා විභාගයෙන් ලකුණු 30%ක් 4-5 ශ්‍රේණිවල දී පන්තිකාමරය තුළ අධ්‍යාපනය ලබන අතර  වාරයේ උපයාගත යුත් බවත් එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත් අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මගින් සිදු කෙරෙන බවත් සඳහන් කළේ ය.

නව ලොව අධ්‍යාපන ප්‍රවණතා සැලකිල්ලට බඳුන් කර සැලසුම් කර ඇති මෙම අධ්‍යාපන ක්‍රමවේද අනුව වයස අවුරුදු 21 වන ව්ට පළමු උපාධිත් 23 වන විට පශ්චාත් උපාධි සහ 27න් ආචාර්ය උපාධියත් ලබා ගැනීමට ඉදිරියේ දී දරුවන්ට අවකාශ උදා වන බව කී අමාත්‍යවරයා විද්‍යාපීඨ 19 ම එකතු කර හදන විශ්වවිද්‍යාලයෙන් බිහි කරන විද්‍යාවේදී උපාධිධාරී ගුරුවරුන්  පමණක් 2028 වර්ෂයේ සිට පාසල්වලට යොමු කිරීමට අපේක්ෂා කරන බව ද පැවසී ය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.