උණ දැව ආශ්‍රිත පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය ජනතා අයිතියට
- 2020-12-23 21:49:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) අනුග්‍රහය යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කටුබැද්ද ලක්සල පරිශ්‍රයේදී ස්ථාපිත කරන ලද උණ දැව ආශ්‍රිත පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය^ජනතා අයිතියට පත්කෙරිණි.
උණ වගාව ප්‍රචලිත කිරීම, උණ දැව ආශ්‍රිත නිෂ්පාදන හදුන්වා දීම, අපනයන සංවර්ධනය සහ ආශ්‍රිත සේවා සැපයීම මෙම පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණු වන අතර, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය විසින් මේ සඳහා ඇමරිකානු ඩොලර් 100,000ක තාක්ෂණික උපකරණ ලබා දී ඇත.
මෙම මධ්‍යස්ථානය මගින් උණ දැව ආශ්‍රිත ව්‍යාපාරවල යෙදෙන සහ නවක ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම, උණ දැව ආශ්‍රිත නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන්, රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ පරිශීලකයන් සඳහා ප්‍රධාන තොරතුරු සහ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙමින් ඊට අවශ්‍ය වෙළෙඳ පොළ පිළිගැනීම ලබාදීමට කටයුතු කිරීම, උණ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය උපකරණ සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම මගින් ව්‍යාපාරය වෙත යොමුවන ව්‍යවසායකයන් දිරිගැන්වීම, උණ ශාකය ආශ්‍රිත නිෂ්පාදන සඳහා වූ ජාත්‍යන්තර සම්මුති, ප්‍රකාශන සහ අනෙකුත් තොරතුරු අඩංගු මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම, උණ දැව ආශ්‍රයෙන් කරන ලද නිර්මාණ සහ විවිධ නිෂ්පාදන සඳහා ප්‍රදර්ශනාගාරයක් ලෙස කටයුතු කිරීම, පුහුණු මධ්‍යස්ථාන, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සමග උණ ආශ්‍රිත නව නිෂ්පාදන සහ පර්යේෂණ පිළිබඳව සම්බන්ධීකරණ කාර්යාලයක් ලෙස කටයුතු කිරීම යන සේවාවන් සැපයීමට නියමිතය.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මෙම මධ්‍යස්ථානය විවෘත කළ අතර, අනතුරුව හෙතෙම මධ්‍යස්ථානයේ නිරීක්ෂණයක්ද සිදුකර තිබිණ.
Reply To:
Name - Reply Comment
0 Comments