Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩු වීමෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය පවා බොහෝ විට කල් යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කොවිඩ් ව්‍යසනය නිසා මගහැරුණු පාසල් අධ්‍යයන කටයුතු ආවරණය කරගැනීම සඳහා ක්‍රියා කරන ලොව කිසි දු රටක් දරුවන් අපහසුතාවට පත් වන අන්දමේ වෘත්තීය ක්‍රියා මාර්ග අනුගමනය නොකරන බවත් දරුවන් ලක්ෂ 40කගේ හා ඔවුන්ගේ දෙමාපියන් ලක්ෂ 80කගේ පමණ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් කිසිවකු කතා නොකරන අතර තමන් පෙනී සිටින්නේ එම පිරිස වෙනුවෙන් බවත් පැවසූ අමාත්‍යවරයා ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපන කටයුතු යථා පරිදි සිදු වන අතර මෙම වෘත්තීය ක්‍රියා මාර්ග නිසා අධ්‍යාපන කටයුතු අඩපණ ව වැඩි ම අසාධාරණය සිදු වන්නේ ආර්ථික දුෂ්කරතා සහිත පහළ යැපුම් මට්ටම්වල බහුතර ජනතාවට බව ද පැවසී ය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ඇමරිකානු තානාපති ජූලි චංන්ග් (Julie Chung) මහත්මිය සමග අද දින මට්ටක්කුලිය ශාන්ත ජෝන් මහා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වී සිටියදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග උත්තර පත්‍ර පරීක්ෂා කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා ගුරුවරුන්ගේ සියලු ඉල්ලීම් ලබා දීමට තමන් විශේෂ උනන්දුවකින් ක්‍රියා කරමින් උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ට මෙතෙක් ලබා දුන් දීමනාව දෙගුණයකටත් වඩා වැඩි කර ලබා දෙන බවත් අධ්‍යාපනයට සීමා නොවුණු රජයේ බදු ප්‍රතිපත්තිය වැනි විෂයකට පවා භාණ්ඩාගාර ඉල්ලීම් හරහා මැදිහත් වී බදු බර අඩු කිරීම සඳහා රජයේ අවධානය යොමු කිරීමට ක්‍රියා කළ බවත් පැවසී ය.

ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව හා ගුරු වෘත්තීය සංගම් එක් ව දරුවන්ගේ අනාගතය පිළිබඳ ව සිතා උත්තර පත්‍ර සමීක්ෂණය කඩිනමින් ආරම්භ කරනු ඇතැයි විශ්වාස කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.