උපෙළ ප්‍රතිඵල අප්‍රේල් මාසය අවසානයට පෙර
- 2021-04-03 15:09:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දැනට අවසන් වී තිබෙන අ.පො.ස. උසස් පළෙ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස අවසානයට පෙර ලබා දීමට හැකිවෙතැ යි ද ඒ අනුව එම දරුවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රමාදයක් සිදු නොවනු ඇතැයි ද අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ අද (03දා) දින මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
“අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසය වන විට ලබා දීමට ත් ජූලි මාසයේ උසස් පෙළ සඳහා පන්ති ආරම්භ කිරීමට ත් හැකිවෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යන්නට සිසුන්ට හැකි වේවි.
විශ්වවිද්‍යාල සම්බන්ධ ව දැනට සම්පූර්ණයෙන් ම තිරණයක් ගත නොහැකි නේවාසිකාගාර සම්බන්ධ ගැටලුව නිසයි. මේ පිළිබඳ විසඳුමක් ඉතා ඉක්මනින් ලබා දෙන්නට කටයුතු කරනවා.
හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා කටයුතු කරනවා. විශේෂයෙන් ම එම ප්‍රජාවට එන්නත් ලබාදීමේ හැකියාව පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල පටන් ගත යුතුයි.”
Reply To:
Name - Reply Comment
0 Comments