Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වයස අවුරුදු  14  ක දරුවෙක් පසුගිය 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට වානිජ විෂය ධාරාව යටතේ පෙනී සිට " බී " සාමාර්ථ තුනක් සහිතව සමත්වීමෙන් මෙරට වාර්තාවක් තැබීමට සමත්ව ඇත. 

කඩවත, මාවරමණ්ඩිය , නැණමල් ජාත්‍යන්තර පාසලේ 9 වෙනි ශ්‍රේණියෙහි දැනට ඉගෙනුම ලබන " දෙවුම් සනහස් රණසිංහ " නමැති මෙම දරුවා 8 වෙනි ශ්‍රේණියේදී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට " ඒ  " සාමාර්ථ - 6 ක්,  "බී " සාමාර්ථ - 2  ක් සහ " සී " සාමාර්ථ  - 1 වශයෙන්  ලබා ඇත.

පහ වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 173 ක් ලබා ගැනීමට සමත්ව ඇති මෙම දරුවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ වයස අවුරුදු 13 දීය.

ගම්පහ,  පහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින  සනහස් සිසුවා , දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වන අතර මව මල්කා රණසිංහ මහත්මිය  සහ පියා අනුර රණසිංහ මහතා රජයේ ගුරු සේවයෙන් ඉවත්ව , සනහස් අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර පාසලෙහි ගුරු භවතුන් ලෙස සේවය කරති.

මෙම දරුවා රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා කරන බවත් එසේ හැකියාවක් නොවුන හොත්  පෞද්ගලික විශ්ව විද්‍යාලයකට හෝ ඇතුලත් කිරීමට  ඇති හැකියාවක් තිබේද යන්න  සම්බන්ධයෙන් සොයා බැලීමට අදහස් කරන බවත් රණසිංහ මහත්මිය සදහන් කළාය. 

තම දරුවා පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටීම පිනිස පසුගිය කොරෝනා වසංගත සමයේදී ඇතැම් විෂයයන් සම්බන්ධයෙන් දැනුවත් බවක් ලබා ගැනීමට අන්තර්ජාලය භාවිතා කරමින් කටයුතු කළ බව සදහන් මව තවදුරටත් සදහන් කර සිටියේ,  උපකාරක පන්තිවලට සහභාගි නොවූවද ඉගෙනුම ලබන පාසලෙහි ගුරු භවතුන් පිරිසක් ඉගෙනුම් කටයුතු සදහා දරුවාට උපරිම සහායක් ලබාදීම සිදු කළ බවත්ය.  

තම දරුවා කුඩා කළ පටන් විවිධ අංශයන්ගෙන් දස්කම් පෙන්නුම් කිරීමක් සිදු කළ බැවින් අවශ්‍ය වයස් සීමාවන් සම්පූර්ණ නොකළද සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සදහා පෙනී සිටීමට අවශ්‍ය බව පැවසූ කාලයේ පටන් තමන් සහ සැමියා විසින් අවශ්‍ය සහාය ලබා දීම සිදු කරමින් ළගින්ම සිට ඒ සදහා ශක්තිය ලබා දුන් බවත් මල්කා රණසිංහ මහත්මිය  ( මව ) වැඩි දුරටත් කියා සිටියාය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද දස්කම් පා ජයග්‍රහණ රැසක් හිමිකර ගෙන ඇති දෙවුම් සනහස් රණසිංහ සිසුවා සදහන් කර සිටියේ, ජාතික ක්‍රිකට් සංචිතයට ඇතුලත් වීමේද අපේක්ෂාවෙන් පසුවන බවය. නීති ක්ෂේත්‍රයේ කටයුතු කිරීම තම අනාගත බලාපොරොත්තුව බවත් ඔහු පැවසීය. කථික අංශයෙන් සහ ලේඛණ කලාවෙන් හැකියාවන් පෙන්නුම් කරන මෙම දරුවා තම වයසට වඩා විවිධ හැකියාවන්ගෙන් දක්ෂතා පෙන්නුම් කරන්නෙකි.

 ගම්පහ තිලකරත්න දිසානායක

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.