Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔස්ට්‍රේලියාව ඉරිදා කොවිඩ්-19 මරණ 58ක් වාර්තා කර ඇති පසුබිමක, එරට වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත දෙක වන නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල ගිම්හාන නිවාඩුවෙන් පසු ලබන සතියේ පාසල් නැවත ආරම්භ වනවිට සියලු සිසුන්ව ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා සතිපතා දෙවරක් පරීක්‍ෂා කිරීමට සැලසුම් කරයි.

ඉරිදා නිව් සවුත්වේල්ස් හි කොවිඩ්-19 මරණ 34ක් වාර්තා කර ඇති අතර, වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ 14ක් සහ ක්වීන්ස්ලන්තයෙන් මර්ණ 10ක් වාර්තා කර තිබේ.

සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ ඔමික්‍රොන් ප්‍රභේදය නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා හි ඉහළ ගොස් ඇති බවත්, ඉරිදා පිළිවෙලින් නව ආසාදිතයන් 20,324ක් සහ 13,091ක් වාර්තා කර ඇති බවත්ය.

නිව් සවුත්වේල්ස් මහ ඇමති ඩොමිනික් පෙරොට්ටේ පැවසුවේ ප්‍රාන්තයේ දරුවන්ට කොවිඩ්-19 සඳහා සතියකට දෙවරක් වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට දෙමවුපියන් යොමුකරවන බවත්, ඕනෑම ධනාත්මක ප්‍රතිඵලයක් පාසලට සහ රජයට වාර්තා කිරීමට ඔවුන්ට පහසුකම් සලසන බවත්ය.

ඒ අනුව මේ සතියේ පාසල් 3,000කට පරීක්ෂණ කට්ටල මිලියන ගණනක් බෙදාහැර ඇති අතර, පන්තිවල පළමු වැනි දින පැමිණීමට පෙර සිසුන් කොවිඩ්-19 පරීක්ෂාව කළ යුතු බව ඔහු සිඩ්නි හි වාර්තාකරුවන්ට පැවසීය.

එමෙන්ම පාසල් වෙත පැමිණෙන ගුරුවරුන් සහ පාසල් සිසුන් මුඛ ආවරණ පැලඳිය යුතුය.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයද එහි නැවත පාසල් ආරම්භ වන සැලැස්ම යටතේ සිසුන් සතිපතා දෙවරක් පරීක්ෂා කිරීමට නිර්දේශ කර ඇත.

ඔස්ට්‍රේලියාව මේ වනවිට දරුවන් එන්නත් කිරීමද ආරම්භ කර ඇති අතර, එසේම නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා හි පාසල් කාර්ය මණ්ඩලය කොවිඩ්-19 සඳහා එන්නත් කිරීම අනිවාර්යය වෙයි. වික්ටෝරියා හි ගුරුවරුන්ට බූස්ටර් මාත්‍රාව ​​ලබා ගැනීම සඳහා පෙබරවාරි මස අවසානය දක්වා කාලය ලබාදී ඇති බව වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.